වාතය හා ආර් ථිකය
වාතය හා ආර් ථිකය වායු ගෝලය අපේ වායු ගෝලයේ භූමි මට්ටමේ තමයි වැඩිම වායු පීඩනයක් තියෙන්නෙ. පොලොවේ ආකර් ශනය නිසා එකතු වී ඇති වායුවල බර උපරිම ලෙස ඇත්තේ ඒ මට්ටමේ. උඩට යන්න යන්න වායු ඝනත්වය හීන වෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 10,000 යන තෙක් තමයි හුස්ම ගන්න අපහසු නොවන පීඩනයක් තියෙන්නෙ. අඩි 10,000 ක් උඩ දී වාතයේ ඝනත්වය පොලොව මට්ටමට වඩා 30% ක් තුනී තත්ත්වයට පත් වේ. ඒ කියන්නෙ මුහුදු මට්ටමේ දී වායු පීඩනය 1 නම් අඩි 10,000 දී එය 0.7 යි. ඒක තමයි නිසොල්මනේ ඉන්න කෙනෙකුටත් වැඩි කරදරයක් නැතුව දරා ගන්න හැකි අවමය ලෙස සැලකෙන්නේ. ඒ කියන්නෙ ගුවන් යානයක වාඩිවී සිටින අයකු වැනි කෙනෙක්. ඊට වඩා ඉහල යනවිට වායු පීඩනය කෙමෙන් අඩු වීම නිසා පෙනහලු වලට ලැබෙන ඔක්සිජන් සැපයුම මදි වෙනවා. හිමාලය වැනි කඳු නගින අයට ඉහල මට්ටම් වලදී ඔක්සිජන් අවශ්‍ය වෙන්නෙත් ඒ නිසා. ඊට වඩා ඉහලින් යන්න සිදු වෙන විශාල මගී හා ප් රහාරක ගුවන් යානා වල ඇතුලත පීඩනය අඩි 10,000 උසේ ඇති පීඩනයට සමාන කරල තමයි යානයක් 10,000 න් ඉහල නග්ගන්නෙ. ඊට වඩා උඩට යන විට පිටත වායු පීඩනය අඩු වන නමුත් ඇතුලේ පීඩනය අඩු වෙන්න නොදී පවත්වා...