වාතය හා ආර් ථිකය
වාතය හා ආර් ථිකය
වායු ගෝලය
අපේ වායු ගෝලයේ භූමි මට්ටමේ තමයි වැඩිම වායු පීඩනයක් තියෙන්නෙ. පොලොවේ ආකර් ශනය නිසා එකතු වී ඇති වායුවල බර උපරිම ලෙස ඇත්තේ ඒ මට්ටමේ. උඩට යන්න යන්න වායු ඝනත්වය හීන වෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 10,000 යන තෙක් තමයි හුස්ම ගන්න අපහසු නොවන පීඩනයක් තියෙන්නෙ.
අඩි 10,000 ක් උඩ දී වාතයේ ඝනත්වය පොලොව මට්ටමට වඩා 30% ක් තුනී තත්ත්වයට පත් වේ. ඒ කියන්නෙ මුහුදු මට්ටමේ දී වායු පීඩනය 1 නම් අඩි 10,000 දී එය 0.7 යි. ඒක තමයි නිසොල්මනේ ඉන්න කෙනෙකුටත් වැඩි කරදරයක් නැතුව දරා ගන්න හැකි අවමය ලෙස සැලකෙන්නේ. ඒ කියන්නෙ ගුවන් යානයක වාඩිවී සිටින අයකු වැනි කෙනෙක්. ඊට වඩා ඉහල යනවිට වායු පීඩනය කෙමෙන් අඩු වීම නිසා පෙනහලු වලට ලැබෙන ඔක්සිජන් සැපයුම මදි වෙනවා. හිමාලය වැනි කඳු නගින අයට ඉහල මට්ටම් වලදී ඔක්සිජන් අවශ්‍ය වෙන්නෙත් ඒ නිසා.
ඊට වඩා ඉහලින් යන්න සිදු වෙන විශාල මගී හා ප්රහාරක ගුවන් යානා වල ඇතුලත පීඩනය අඩි 10,000 උසේ ඇති පීඩනයට සමාන කරල තමයි යානයක් 10,000 න් ඉහල නග්ගන්නෙ. ඊට වඩා උඩට යන විට පිටත වායු පීඩනය අඩු වන නමුත් ඇතුලේ පීඩනය අඩු වෙන්න නොදී පවත්වාගෙන යනව.
පොලොව මට්ටමේ ඇති ඇති ඉහලම පිඩන මට්ටම තෙක් යානා පීඩනයට ලක් නොකරන්නේ යානය ඉහල නගිත්ම ඇතිවන අධික පීඩන වෙනස නිසා වාතය පිටතට කාන් දුවීමේ සිදුරු ඇතිවීමේ අවදානමද , අධි පීඩන වෙනස නිසා යානයට හානි වීම ද ඉහල යන නිසා.
ඇතුලේ වායු පීඩනය ඉහල නංවා පිටතට කාන් දු නොවන ලෙස සකසා ගන්න ස්වයංක්රිය ක්රම සලසා තියෙනව. ඒ වායුව පොම්ප වෙන්නෙ යානයට බලය සපයන එන් ජින් වලටම සවිකර ඇති කොටසකින්, එන් ජින් වල බලය යොදාගෙන.
එවැනි පහසුකම් නොමැතිව නිෂ්පාදනය වන කුඩා ගුවන් යානා යන්නේ අඩි 10,000 හෝ ඊට පහලින්.
බොහෝ ජෙට් මගී යානා ගමන් කරවන්නෙ අඩි 31,000 - 41,000 වැනි උසින්.
යම් හදිසි කරුණක් නිසා අඩි 35,000 වැනි උසකින් යන ප්ලේන් එකක සිදුරක් හැදුනොත් වාතය අනිවාර් යයෙන්ම එලියට කාන් දු වී ඇතුලේ වායු පීඩනය අඩු වෙනවා. සාමාන්ය තත්වයකදී යානය තුල වාත පීඩනය නිසි ලෙස තබාගන්න යානයෙ ජෙට් එන් ජිම් තුලින් පොම්ප කරවා ගන්නා පීඩිත වායුව ප්‍රමාණවත් වූවත් සැලසුම් නොකළ තරමට කාන්දුවෙන්න ගත්තම ඒවායේ බලය කොහොත්ම මදි වෙනව.
අඩි 35,000 උසේදී වාතයේ ඝනත්වය පවතින්නේ පොලෝමට්ටමේ දී මෙන් 1/4 (25%) ක් පමණයි. එනිසා එම උසේදී වායු පීඩනය මිනිසුන්ට හුස්ම ගන්න අපහසුයි. අපහසුයි කියන්නෙ ඉතින් මැරෙනවා. එවිට මගීන් ගේ ජීව්ත ආරක්ෂාව සඳහා නියමිත පියවර ගන්න වෙනවා.
ඉතිරි පියවර මොනවා දැයි කියන්න පෙර , දැන් මෙය රටක ආර් ථිකයට ගලපමු.
Note : මෙවැනි දේ අද්‍යයනය කරනවා නම් මුලින්ම දැනගත යුතු දේ තමයි දෙශපාලන පක්‍ෂ වලින් බලය ඩැහැ ගැනීම සඳහා කරන ප්‍රචාරන වල දක්වන හේතු වල නොඇලී නිරවුල් වීම.
ලංකාවේ ආර් ථිකයටත් මීට වසර 2 කට පෙර සිදු වූයේ අන්න අර 35,000 උඩින් ගිය ප්ලේන් එකට උනා වැනි දෙයක්.
අපේ ජනතාව කෙමෙන් ඉහල ජීවන තත්ත්වයක් කරා යන්න ගියත් පුරුදු පරිදි ජීවත් වෙන්න අවශ්ය විදෙස් මුදල් සංචිතය හා සැපයුම අඩු උනා. මුදල් සැපයුම ප්රමාණවත් උනේ නෑ.
ඊට කලින් වසර වලත් එසේම සිදු වෙමින් ආවත් කලින් ගත්ත ණය ගෙවන ගමන් අලුතෙන් විදෙස් ණය ගැනීම් වලින් එය බැලන්ස් කර ගත්තා. අර ගුවන් යානගේ පීඩනය සිදුරු වලින් පිට උනත් පොම්ප මගින් වාතය පොම්ප කර එය සකසා ගත්තා හා සමානයි.
නමුත් 2022 ට පසු කලින් ගත්ත ණය ගෙවන්නවත් ඩොලර් සැපයුමක් නැති උනා. ණය ගෙවන්න තබා රටේ මිනිසුන්ට අවශ්ය ද්රව්ය ගේන්න පවා ඩොලර් නැති උනා. එක වරම දරන්න බැරි තරම් මෙය අඩු වෙන්න කවුරුත් දන්න පරිදි කෝවිඩ් කම් පනය හා පාස්කු බෝම් බ කම් පනය එක පෙලට ඒම හේතු උනා. ඒක දැනගත්තයින් පසුව අපට විදෙස් ණය දෙන්න කවුරුවත් එන්නෙ නෑ. ඒ දෙන්නෙ ඒ රටවල මහජන මුදල් හා සමාගම් කොටස් හිමියන් ගේ මුදල්.
දැන් ණය දෙන්න කවුරුවත් නෑ. යානයේ වායු පොම්ප නැවතිලා. පීඩනය දරුණු ලෙස අඩු වෙනවා.
එලෙස යම් හානියක් වී, සිදුරක් හැදී පීඩිත වායුව එලියට ගොස් පාලනය කළ නොහැකි ලෙස පීඩනය අඩු වෙන්න යන බව දුටු වහාම පයිලට් කවුරු හෝ වේවා කරන්න ඕන එකම දේ හැකි ඉක්මනින් යානය අඩි 10,000 ටවත් පහත් කර දෙපැත්ත බැලන්ස් කර ගන්න එක.
පයිලට් කෙතරම් දක්ෂයකු උනත් අදක්ෂයකු උනත් ඒ අවශ්ය තාවයේ වෙනසක් නෑ.
එකම වෙනස වෙන්නෙ දක්ෂ නියමුවා නිසි ලෙස පියවර ගන්න නමුත් අදක්ෂ නියමුවා වැරදි බොත්තම් ඔබමින් මගීන් මැරෙන මට්ටමට පවා යානය රැගෙන යන්න ඉඩ ඇති එක.
කලබල වී යානය කඩා නොවට්ටන්න ප්රවෙසම් වෙමින් අඩි 10,000 ට පහත් කළ විට පිටත වායු පීඩනය හා ඇතුලේ පීඩනය මගීන්ට දරන්න හැකි ගානකට සමාන වී හුස්ම ගන්න ඉඩ ලැබෙනව.
රටක ඩොලර් වියදම එහි ඩොලර් නිපැයුමට සමාන කලා වගේ.
රටක මෙය පහලට ගන්නවා කියන්නේ මෙතෙක් ගිය වේගය, ලැබූ උස , පහසුකම් , ගමනේ ඉලක්ක සැලසුම් ද ඒ සමගම පහලට යනවා. ආර් ථිකය හැකිලෙනව යැයි කියනවා. යානයේ මගීන් සමහරු මේ තත්වය වටහා ගන්න අතරේ එ පියවර නිසාම ජීවිතේ බේර ගත්ත තවත් සමහරු යානය පහත් කළාට පයිලට් ට බැන වදිනවා. ඔය ආර් ථිකේ හැකිලුවා කියා බැන වදින්නේ අන්න ඒ වගේ අය.
මේ පසුබිම වඩා හොඳින් තේරුම් ගන්න හැකිවෙන ප්රස්ථාරයක් මේ සමග ඇති. ඒ මේ රටේ ජංගම ගිණුමේ තත්ත්වය පසුගිය වසර 10 ක කාලයක පැවති අන් දම.
කාර්තු 3 ක ඇරෙන්න 2022 දෙවන කාර් තු ව දක්වා කාරතු 35 ක් තිස්සේ අපේ තත්ත්වය තමයි ඒකේ තියෙන්නෙ. ප්රස්ථාරය ඩොලර් මිලියන් වලින්.
උදා:
-755 කියන්නේ ඒ කාර්තුවේ අපේ රටේ පැවැත්ම සඳහා ආනයනය කළ ද්රව්ය හා සේවා වලට සාපෙක්සව අපේ අපනයන ඉපැයුම අදාල මාස 3 තුල ඩොලර් මිලියන් 755 කින් අඩු බවයි.
වෙනත් වචන වලින් කියනව නම් අපේ හැකියාවට වඩා ඩොලර් මිලියන් 755 ක ඉහල ජන ජීවිත මට්ටමක් ඒ මාස තුනේදී භුක්ති විඳ ඇති බවය.
ගුවන් යානයේ උදාහරණය ගතහොත් ඇතුලත වායු පීඩනය 755 කින් අඩු වී ඇති බවය.
ඔය පසුගිය වසර 2 දි කළේ ඒක.
ඔන්න ඕක තමයි අපේ ආර් ථිකයේ පැවතුන තත්ත්වය. ගෝඨාභය ජනපති තුමාගේ කාලයේ -1320 ට ගියේ ඔය ආගමනේ උපරිමය.
ලංකාවේ ජනතාව භුක්ති විඳින්න පුරුදු වී සිටි අසමතුලිත විදෙස් සම්පත් වල පුරුද්ද තමයි මේ ප්රස්ථාරයෙන් දැක් වෙන්නෙ.
ඔය අසමතුලිත විදෙස් සම්පත් පරිභොජනයට සිගරට් එකක් බොන්න හිතුනම පැට්රොල් පුච්චගෙන ටවුමට ආ ගමේ තරුණයාගෙ පටන් රුපියල් වලින් උපයමින් පිටරට ට විදෙස් මුදල් යවා ඉගෙන ගන්න ගිය අය දක්වාත්, තමන් ඩොලර් එකක් හෝ උපයන්නෙ නැතුව රුපියල් වලින් ගන්න පඩියට සැප කාර් එකක් ගන්න රජය විසින් තමන්ට පහසුකම් සැලසිය යුතුයි කියමින් හෑලි ලියන අය දක්වාත්, එන එන ස්මාට් ෆෝන් එක තමන් සතුව තිබෙන්න ඕනැය කියන අය දක්වාත් ඇතුලත්. ලැයිස්තුව කිලෝ මීටර් ගානක් දිගයි.
රනිල් වික්රමසිංහ මහතා කර ගසා තිබෙන්නේ කිනම් ආකාරයක කරුමයකටද යන්න මේ රටේ බොහෝ දෙනෙකුට කිසිදු අවබෝධයක් නැත.
ලංකාවේ විදෙස් සම්පත් ආර්ථික ශක්තිය බැලන්ස් නොවුන නිසා රනිල් මහතා ගෙ කාලයේ අඩි 20,000 ක් විතර පහතට ගත්ත. තවත් පහතට ගන්න වෙනවා. රටේ වසරකට ඩොලර් මිලියන් 6,000 ක පමණ අසමතුලිත තාවක් තියෙනව. ( සංචාරක යන් ගෙනෙන හා විදෙස් රස්සා කරන අය එවන ඩොලර් නැතුව).
නමුත් රනිල් පයිලට් අදක්ෂයි කියමින් පාලනය ඉල්ලන පක්ෂ දෙකම ජනෙල් පිලිසකර නොකර යානය උඩට ගන්න පොරොන් දු වෙලා.
එතන නොගැලපීමක් ඇති බව දැනෙන අයට ඒ කතා හා ක්රියා විහිලු ලෙස පෙනෙනවා.
එහෙම කළොත් වෙන්නේ යන්තම් බැලන්ස් කරගෙන එන වායු පිඩනය මිනිසුන්ට හුස්ම ගන්න බැරි ගානට නැවත පහල යෑම. ඒක සිදු වෙන්නේ එක වරම නොවෙ. යානය ඉහල යාමේදී ඇතුලේ වායු පීඩනය කෙමෙන් අඩු වී යාම නිසා.
අප මේ පෙන් වා දෙන්නේ තවත් අසීරු කරගන්නේ නැතුව මෙම මූලිකම තත්ත්වය ඔස්සේ රාජ්ය සැලසුම් ඉලක්ක කර රට මෙහෙයවන්න කිය ඉල්ලා සිටීම.
දැන් ලංකාවේ මිනිසුන් ගෙන් (56+43+3) මිලියන් 102 ක් (කෝටියක්)දෙනා හිතන් ඉන්නෙ තමන් හොඳයි කියා හිතන පයිලට් සහ කාර් ය මණ් ඩලය ට ප්ලෙන් එක බාර දුන්නම වැඩේ හරි කියල. ඔවුන් නැවත යානය 35,000 ට නොව 45,000 ට වත් උස්සල ගනී කියලා.
මේ ප්රස්ථාරය අධ්යයනය කරන නොව නිකමට ඇස් යොමන අයකුට උනත් පැහැදිලි අමුතු වෙනසකම් පේනවා.
ඔව්. කලින්
ප්රස්ථාරයේ මුල් 75% කහ පාට වෙද්දී අවසාන කොටස් සියල්ල නිල් පාටයි.
එමෙන්ම, ඒ මෙතන ඉන්න මුහුණු 3 ක් උඩ ගිහින් තියෙද්දී ඊළඟ මුහුන යටට යවල .
අවසාන මුහුන මැද , බිංදුවේ.
ඒ එක්කම මුහුණු උඩ දාපු කාලයේ වෙළෙඳ ගිණුම පහල හෙවත් රින
4 වන මුහුණ යට උනත් ගිණුම ධන. ඒ කියන්නෙ රටේ සල්ලි ඉතුරු වෙන්න පටන් අරන්.
කාර් තුවකට ගෙවන්න ඇති ණය ඩොලර් මිලියන් ගාන ගෙවීමත් දැනට කල් ඉල්ලගෙන බව සඳහන් කරන්න ඕන.
මේ නව තත්ත්වය තවත් වසර 3-5 ක් වත් ඇදගෙන ගියාම තමයි රට පෙරටත් වඩා ඉහල නංවා ගන්න පටන් ගන්න හැකිවන පදනමක් ලැබෙන මට්ටමට මූල්ය ශක්තිය ස්ථාවර වෙන්නෙ.
දැනට මෙහි පවතින භයානක කම පෙනෙන නිසා
තමයි අප උත්සාහ කළේ මේ බරට කර ගැසූ රනිල් වික්රමසිංහ මහත සහ ඔහුගේ කණ් ඩායමට එතෙක් මේක අරන් යන්න ඉඩ දිය යුතුයි කියන්න.
නමුත් රටේ මූලික උන 42% + 32% (74%) දෙනා කියනවා ඊට වඩා අනුර හෝ සජිත් ට මේක කරගන්න හැකිවන බව. මේ වැඩේ තව දුරටත් රනිල්ටම කියලා කරවා ගන්න එක වඩා ප්රඥාගෝචර බව සිතන්නේ චන්දය දුන්න අයගෙන් 17% ක් පමණයි.
කෙසේ උනත් එකක් පැහදිලියි.
ඔය බොහෝ අය රටේ පවතින ප්රධාන ප්රශ්නය ගැන අවබෝධයක් නැතුව,
දේශපාලන පක්ෂ මගින් බලය ලබා ගැනීම සඳහා පතුරවන බොරු අදහමින් තීරණ ගන්න බව.
ඉන් ලොකුම බොරුව තමයි මේ රට වැටිල අපට හොඳ කාර් එකක්, ගෙයක්, සැපක් ගන්න බැරි වෙලා තියෙන්නෙ හොරකම් කල නිසා බව. බොහෝ තැන්වල දූෂන , වංචා යම් ප්රතිශතයක පැවතියද මේ රටේ රජයේ ගිණුම් ක්රම වල ක්රම වේද අනුව මෙය හොරකම් කර වට්ටවන්න හැකි රටක් නොවේ.
ඒ නිසා කවුරුන් හෝ හොරු ඇල්ලීමෙන් සහ චීස් නොකෑම, සුප් නොබීම වැනි සිල්ලර වැඩ, බදු අඩුකිරීම, ඉන් ධන මිල අඩු කිරීම ආදියෙන් මේ රට ගොඩදාන්න හැකි යැයි සිතා කටයුතු කරනවා නම් ඒ
බලය ලබාගැනීම සඳහා ඔවුන් හෑරූ බොරු වලේ ඔවුන්ම වැටී ඔවුන් මෙන්ම රටේද විනාසය තෙක් යන ගමනක් වේ.
ජංගම ගිනුමේ අතිරික්තය අවසාන කාරතුවේ 705 දක්වා ඉහල ගියා. මෙය පැවති ආර් ථික පරිපාලනය ඒලෙසම තබා ගැනීම මත වසර 2 -3 ක් තුල කාරතුවක සාමන්යය 1000-1250 දක්වා ඉහල යවා ගන්න හැකියාවක් තිබේ. එවිට 2048 දක්වා කල් ලැබුන ණය කොටසක් ගෙවීම් සහනය ද සමග
කාර්තුවක ණය ගෙවීමෙන් පසු අතිරික්තය අඩුම ගණනේ 400 ක් වත් කර ගන්න හැකි වේ.
වසරකට ඉතිරිවන ඩොලර් බිලියන් 1.5-2 යොදා වටිනාකම් එක් කරන නිෂ්පාදන සඳහා ප්රති / සහන ආයෝජනය කිරීමෙන් 2048 වන විට නොව ඊට කලින් ම මේ රටේ විදෙස් මුල්ය අර් බුධය අවසන් කර ජනතාවට තවත් පහසුකම් සැලසීමට හැකියාව ඇත.
රනිල් වික්රමසිංහ වැල් පාලමේ වඩා ගෙන ආ දරුවා එසේ මෙසේ දරුවකු නොවන බව තේරුම් ගෙන ඌව බිම නොදමා ඉදිරියට රැගෙන යෑම දැන් බාර ගෙන ඇත්තේ අනුර කුමාර ය.
මෙතෙක් උන් ඩියල් කර ඩොලර් යටිමඩි ගැසූ දේශ ප්රේමීන් දැන් පෝලිමේ නිසි ලෙස ඩොලර් එවනවා කියන නිසා බබා බාර ගත් අයත් බාර දීමට සම්මාදන් උන අයත් වැඩේ බරපතල කම වටහාගෙන කටයුතු කරමින් මෙම ප්රස්ථරයේ ඊළඟ කාර් තු වල මතු වන නිල් කොලම් තවත් ඉහලට යවා ගැනීමට උනන් දු වනු ඇතැයි බලා පොරොතු වෙමු.
අපි කතා නොකර ඉමු - සිනා නොවී ඉමු ටික දවසක්
Comments
Post a Comment